10/10/2026
ටිපර් වීමට පළමුව කියවා බලන්න... 😌
මේ සිදුවිමට අදාලව මම දරන්නේ මධ්යස්ත මතයක්. උසාවියක් ඇතුලේ හෙම හැසිරීම වරදක් නම් ඒකට දඬුවමක් තියෙනවා නම්, ඒක සිවුරේ බලය භාවිතා කරලා අභියෝගයට ලක් කිරීම සිවුරටත් කරන නිගාවක්. මොකද ස්වාමින්වහන්සේලාට කැප ජීවිතයේ එහෙම තග් ලයිෆ් එකක් අනුදැන වදාරලා නෑ. මීට කලිනුත් අදාල හිමිනම ලයිසන් නැතිව බීලා ඩ්රයිව් කරලා අහුවෙලා වරද පිලි අරන් වැරදිකරුවෙක් වුන කෙනෙක්. ගෑණු ඉන්න කතා, ළමයි ඉන්න කතා මම දැකලත් නෑ දන්නෙත් නෑ. ඒ නිසා ඒ ගැන කිසිම අදහස් දැක්වීමක් නෑ.
ඊළඟ කාරණාව, මේ අදාල හිමිනමට මේ සිදුවිම වෙන්න කලින් පවා සිරගතවූ ස්වාමින්වහන්සේලා ජම්පරය හෝ චීවරය නොවන වෙනත් ඇඳුම් වලින් සිටියා නම්, මේ දන් හඬනගන අය ඒ දේටත් හඬ නැගුවා නම්, ඒ හඬ සැබෑ හද කම්පාවෙන් නැගූ හඬක් බව සිතා අපටත් ඒකට එකතු වෙන්න තිබ්බා. ඒත් මේ කේස් එකේදී, මේ වෙනුවෙන් පෙනී සිටින පිරිස ගේ අතීතය ගැන පොඩ්ඩක් හොයලා බැලුවාම මේ පිරිස එකතු වෙලා ඉන්නේ සාසනික අරමුණකට වඩා දේශපාලනික අරමුණකින් බව පැහැදිලී.
ඊළඟ කාරණාව, සද්දේ දාලා හෝ ඒ හිමිනම පෙන්නපු සමහර රටේ ලෝකේ අඩුපාඩු, අවදානම් තිබුණ බවත් අපට පිලිගන්න වෙනවා. ඒ අඩුපාඩු අවදානම් තිබුණ නිසා පාස්කු සිදුවීම වගේ දේවල් වලට අපට මුහුණ දෙන්න වුන බවත් පිලිගන්න වෙනවා. ඒ වගේම රටේ නීතියට අවනතව ඒ සිදුවීම් වලට එරෙහි වෙන්න තිබුණා. ඒ නිසා නීතිය කඩ කිරීමේදී ලැබෙන අනිසි ප්රතිවිපාක වලට මුහුණ දීමට තම තමන් වග බලාගත යුතු නොවේද..? හොඳම උදාහරණය සෝම හාමුදුරුවො. රටට ජාතියට තියෙන අවදානම පෙන්නුවා, මිනිස්සු දැනුවත් කරමින් වැඩ පිලිවෙලක් දියත් කරගෙන ගියා. හැබැයි, නීතිය අතට ගත්තේ නෑ.
තවත් කියනවා නම්, නීතිය කෙසේ වෙතත්, තමන්ට දේශපාලනික රැකවරණය ලැබෙනකොට වැරදි නම් හිරේදාන්න, අපි බය නෑ, බය නම් මෙහෙම කෑ ගහන්නෙත් නෑ වගේ සිංහ නාද කරලා, නීතිය ක්රියාත්මක වෙනකොට හීං බලු කෙඳිරිලි ඇහෙනවා නම් ඒ සිංහ කම ප්රශ්නයක්...
සාරාංශ කරලා කීවොත්,
වරදක් නම් කවුරු කළත් වරදක්. නීතිය කාටත් සමාන නම් කටත් සමානයි. ජනාධිපති සමාව ආයේ දෙනවා නම් ඒක නීතියේ සහ ජනාධිපතිගේ වැඩක්. හැබැයි හරි වුනත් වැරදි වුනත් ස්වාමින්වහන්සේලාට බනින්න, දොස් කියන්න, එපා. ඒකයි මේකයි දෙකක්